Friday, May 27, 2011

ඔබයි මමයි (01)

අර බලන්න...
          මොකක්ද?
අර...
          කෝ?
බලන්න කෝ...
         මොනවද..? මට පේන්නේ නෑ
හිස් තැන...
         මොකක්???
හිස් තැන....
         හිස් තැනේ මොනවා බලන්න ද?
හිස් තැන බලන්න....
        මොන මගුලක්ද මේ කියවන්නේ?
හිස් තැන ගැන....
        තමුසෙට ඔල්මාදෙ!... එකයි ඔය කියවන්නේ...
                                             දෙගොඩ හරියේ නැගිටගෙන...
ඇයි ඔයාට නැත්තේ....?
         මොනවද?
ඔල්මාදෙ...
         ......!!!!.......
තිබ්බනම්...ඔයාටත් පෙනෙයි...
        මොකක්ද....?
හිස් තැන.

No comments:

Post a Comment