
කළු වළාවේ රිදී රේඛාව දැකීම...
Face book නරකටමද?වැහි වළාව කළු ය.නමුත් වැස්ස ගෙනෙන්නේ කළු වළාව ය.වළාව කළු ය යි කියා වැස්ස ප්‍රතික්ෂේප කළ හැකි ද? "හැම කළු වලාවකම රිදී රේඛාවක් ඇත."යන්න අප සමාජයේ ප්‍රචලිත වූ කියමනකි.වැස්ස ගෙනෙන කළු වළාවේ ඇති මේ රිදී රීඛාව ඔබටත් දැකිය හැකි නම්, වැස්ස වඩාත් සුන්දරව විඳීමට ඔබට හැකි වනු ඇත.
* Face book ඉතා වේගවත්,එමෙන්ම ලාභදායි සන්නිවේදන මාධ්‍යයකි.අන්තර් පුද්ගල සබන්ධතාවයන් පවත්වාගෙන යාමට නවීන ලෝකයේ ඇති හොඳම ක්‍රම වලින් එකකි.
*Face book තොරතුරු දැනගැනීමටත්,බෙදාහදා ගැනීමටත් මග පාදයි.
* රජය විසින් හෝ වෙනත් යම් කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සත්‍යය වසන් කරන විටෙකදී, තමන් දන්නා තොරතුරු තමන් ඇසුරු කරන කණ්ඩායමට ලබාදීමට අවස්ථාවක් ලබාදේ.
*Face book හරහා සිහි කැඳවීම්, සුබ පැතීම්, සහ සේයා රූ බෙදාහදා ගැනීමට හැක.
*Face book නිදහස්,අදහස් දැක්වීමට තෝතැන්නකි.
* සමාජයේ පොදු මතය දැනගැනීමට යම්කිසි අවස්ථාවක් ලැබේ.උදාහරණයක් ලෙස,ඇමරිකාවේ ජනපතිවරණය පිළිබඳව පූර්ව අනුමාන කිරීම් සඳහා සමීක්ෂණ පැවැත්වූ කණ්ඩායම්වල එක මුලාශ්‍රයක් බවට face book පත්විය.(මෙය වඩාත් සාර්ථක වන්නේ, බහුතරයක් දෙන අන්තර්ජාලය හා සමීපව ගනුදෙනු කරන සමාජයකදී ය.)
* සාමාන්‍යයෙන් සම්බන්ධ කරගැනීම අපහසු පුද්ගලයන් හා සාකච්චා පැවැත්වීමටත්, ඔවුන්ගේ අදහස් දැනගැනීමටත් හැකියාව ලැබේ.කතුවරයෙක්,ගායකයෙක්,නළුවෙක් හෝ ක්‍රීඩකයෙක් ආදී...මක් නිසාද යත්,දුරකතනයට සම්බන්ධ කරගැනීමට හෝ හමුවීමට වෙලාවක් වෙන් කල නොහැකි තරමට කාර්යබහුල වුවත්,e-mail හෝ face book පණිවුඩයනට පිළිතුරු සැපයීම සාමාන්‍යයෙන් සිදු වේ.)
පුද්ගල දත්ත සොරා ගැනීම්, ව්‍යාජ ගිණුම් පවත්වාගෙනයාම් ආදී පරිගණක අපරාධ face book හරහා සිදුවන බව සැබෑ ය.එහෙත් face book ගනු දෙනුව දැන මිස නොදැන කළහැකි ගනු දෙනුවක් නොවේ.තම තරම දැන නිසි ලෙස පරිහරණය මගින් හා අවැසි ආරක්ෂක පියවර ගැනීම මගින් face book සමාජයට වඩාත් හිතකර, මාධ්‍යයක් ලෙසට භාවිතාවේ යෙදීම කල හැක.එමගින් ඔබ වඩාත් අර්ථාන්විත මාධ්‍ය භාවිතයක හිමිකරුවෙක් වෙනු ඇත.කළු වළාවේ රිදී රේඛාව දැකිය හැකි වනු ඇත්තේ එවිට යි .

* facebook නිර්මාතෘ මාර්ක් ශුකෙන්බර්ග්
ෆේස්බුක් එකත් හරියට පිහියක් වගේ තමා "පාන් කපන්නත් පුලුවන්, බෙලි කපන්නත් පුලුවන්" :))
ReplyDelete