Monday, May 30, 2011

Friday, May 27, 2011

ඔබයි මමයි (01)

අර බලන්න...
          මොකක්ද?
අර...
          කෝ?
බලන්න කෝ...
         මොනවද..? මට පේන්නේ නෑ
හිස් තැන...
         මොකක්???
හිස් තැන....
         හිස් තැනේ මොනවා බලන්න ද?
හිස් තැන බලන්න....
        මොන මගුලක්ද මේ කියවන්නේ?
හිස් තැන ගැන....
        තමුසෙට ඔල්මාදෙ!... එකයි ඔය කියවන්නේ...
                                             දෙගොඩ හරියේ නැගිටගෙන...
ඇයි ඔයාට නැත්තේ....?
         මොනවද?
ඔල්මාදෙ...
         ......!!!!.......
තිබ්බනම්...ඔයාටත් පෙනෙයි...
        මොකක්ද....?
හිස් තැන.

ගන්ධබ්බයාගේ සිතුවිලි (01)


Death is glamorous....accept it...
ජීවිත කාලෙම මං නිදියගත්තේ
බූරු ඇඳේ..
අන්තිම හුස්ම බිංදුව
පිටවෙන්න,
පැය 03 යි,විනාඩි 15,
තත්පර 30 ක්.....
I.C.U.
මෙට්ටයක් උඩ...
මං මළා.
! * ! *
දැන් මල් වත්තක:
උඩ රට- පහත රට - පිට රට
හැම මල් මා වට;
පැන්සොන් එක හදාගන්න,
යත්දී කන්තෝරු ගානේ,
බල්ලෙක්වත්
ගානට,
ගණන් නැග්ගේ නෑ මගේ,
දැන් ඔන්න වඳිනවා
රජවරු, ඇමති-සිටුවරු,
"a...man of great honour.....a man of great pride..."
"අභාවප්‍රාප්ත වූ මෙතුමාගෙන්..**..සමාජයට...**.බලවත්...සේවයක්...!! @...පාඩුවක්..
..දරාගත නොහැකි .....ශෝකයක්...** ඉතා සංවේගයෙන්...*** නිවන් සුව පතනවා...!!! "
උඩු වියන්, පාවඩ
හොරණෑ, හේවිසි...
Trumpets roar with triumph...
Oh! glamorous death....!!!!!!!

ඔබේ මුහුණ

දිනෙක මම කවුළුව හැර බැලීමි.
අහස පැහැබර ය.
පොළොවට වඩා
බොහෝ උසකින්,
යටිකුරු තලියක් ලෙසට,
ඒ පිහිටා තිබුණි.
මෘදුවටත්,
අතට දැනෙන තරමට ම
සිනිදුවටත්....
ක්ෂණයකින් එය,
වෙනස් විය.

වලාකුළු රැස්වී,
බීරමෙන් වැසී ගියේ ය.....
ගොඩැලි මතු වී,
රළු වත් ම;
මට ඔබේ මුහුණ සිහි විය.

මම තවත් අහස දෙස නොබැලිමි.





බර

 පිටකොටුව, දෙවෙනි හරස් වීදියේ දර්ශනයකි 




කළු වළාවේ රිදී රේඛාව දැකීම...
Face book නරකටමද?

වැහි වළාව කළු ය.නමුත් වැස්ස ගෙනෙන්නේ කළු වළාව ය.වළාව කළු ය යි කියා වැස්ස ප්‍රතික්ෂේප කළ හැකි ද? "හැම කළු වලාවකම රිදී රේඛාවක් ඇත."යන්න අප සමාජයේ ප්‍රචලිත වූ කියමනකි.වැස්ස ගෙනෙන කළු වළාවේ ඇති මේ රිදී රීඛාව ඔබටත් දැකිය හැකි නම්, වැස්ස වඩාත් සුන්දරව විඳීමට ඔබට හැකි වනු ඇත.

Face book ලෝකයට ඇවිත් වැඩි කාලයක් ගත වුයේ නැතත්, එය මේ වන විට කර ඇති විප්ලවය කිසිසේත්ම සුළු කොට තැකිය හැක්කක් නොවේ. ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට නම් Face book යනු දියුණු වීමේ ලක්ෂණයකි."ආ දැන් දියුණුවෙලා....face book එකේ මයි නේද දැන්....?", ආදී වචනත්, "ඔයාගේ phone number එක මොකක්ද?"යි ඇසීම, "ඔයා face book ඉන්නවද?"ලෙසට වෙනස් වීමත් මේ කරුණ සනාථ කරයි.එහෙත් වැඩිහිටි පරපුරෙන් බහුතරයක් දරන්නේ මීට හාත්පසින්ම වෙනස් මතයකි. Face book යනු අන්තරාදායක, විනාශකාරී නව ප්‍රවේශයක් යන මතය ඔවුන් දරති. අනෙකුත් සෑම දෙයකම වගේ face bookවලත් හොඳ නරක යන දෙපැත්ත ම ඇත.එහෙත් face book යන සමාජ මාධ්‍යයේ හොඳ පැතිකඩ දකින්නේ කීයෙන් කී දෙනාද?
* Face book ඉතා වේගවත්,එමෙන්ම ලාභදායි සන්නිවේදන මාධ්‍යයකි.අන්තර් පුද්ගල සබන්ධතාවයන් පවත්වාගෙන යාමට නවීන ලෝකයේ ඇති හොඳම ක්‍රම වලින් එකකි.
*
Face book තොරතුරු දැනගැනීමටත්,බෙදාහදා ගැනීමටත් මග පාදයි.
* රජය විසින් හෝ වෙනත් යම් කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සත්‍යය වසන් කරන විටෙකදී, තමන් දන්නා තොරතුරු තමන් ඇසුරු කරන කණ්ඩායමට ලබාදීමට අවස්ථාවක් ලබාදේ.
*
Face book හරහා සිහි කැඳවීම්, සුබ පැතීම්, සහ සේයා රූ බෙදාහදා ගැනීමට හැක.
*
Face book නිදහස්,අදහස් දැක්වීමට තෝතැන්නකි.
* සමාජයේ පොදු මතය දැනගැනීමට යම්කිසි අවස්ථාවක් ලැබේ.උදාහරණයක් ලෙස,ඇමරිකාවේ ජනපතිවරණය පිළිබඳව පූර්ව අනුමාන කිරීම් සඳහා සමීක්ෂණ පැවැත්වූ කණ්ඩායම්වල එක මුලාශ්‍රයක් බවට face book පත්විය.(මෙය වඩාත් සාර්ථක වන්නේ, බහුතරයක් දෙන අන්තර්ජාලය හා සමීපව ගනුදෙනු කරන සමාජයකදී ය.)
* සාමාන්‍යයෙන් සම්බන්ධ කරගැනීම අපහසු පුද්ගලයන් හා සාකච්චා පැවැත්වීමටත්, ඔවුන්ගේ අදහස් දැනගැනීමටත් හැකියාව ලැබේ.කතුවරයෙක්,ගායකයෙක්,නළුවෙක් හෝ ක්‍රීඩකයෙක් ආදී...මක් නිසාද යත්,දුරකතනයට සම්බන්ධ කරගැනීමට හෝ හමුවීමට වෙලාවක් වෙන් කල නොහැකි තරමට කාර්යබහුල වුවත්,e-mail හෝ face book
පණිවුඩ
යනට පිළිතුරු සැපයීම සාමාන්‍යයෙන් සිදු වේ.)
පුද්ගල දත්ත සොරා ගැනීම්, ව්‍යාජ ගිණුම් පවත්වාගෙනයාම් ආදී පරිගණක අපරාධ face book හරහා සිදුවන බව සැබෑ ය.එහෙත් face book ගනු දෙනුව දැන මිස නොදැන කළහැකි ගනු දෙනුවක් නොවේ.තම තරම දැන නිසි ලෙස පරිහරණය මගින් හා අවැසි ආරක්ෂක පියවර ගැනීම මගින් face book සමාජයට වඩාත් හිතකර, මාධ්‍යයක් ලෙසට භාවිතාවේ යෙදීම කල හැක.එමගින් ඔබ වඩාත් අර්ථාන්විත මාධ්‍ය භාවිතයක හිමිකරුවෙක් වෙනු ඇත.කළු වළාවේ රිදී රේඛාව දැකිය හැකි වනු ඇත්තේ එවිට යි .
























* facebook නිර්මාතෘ මාර්ක් ශුකෙන්බර්ග්