Friday, May 27, 2011

ඔබේ මුහුණ

දිනෙක මම කවුළුව හැර බැලීමි.
අහස පැහැබර ය.
පොළොවට වඩා
බොහෝ උසකින්,
යටිකුරු තලියක් ලෙසට,
ඒ පිහිටා තිබුණි.
මෘදුවටත්,
අතට දැනෙන තරමට ම
සිනිදුවටත්....
ක්ෂණයකින් එය,
වෙනස් විය.

වලාකුළු රැස්වී,
බීරමෙන් වැසී ගියේ ය.....
ගොඩැලි මතු වී,
රළු වත් ම;
මට ඔබේ මුහුණ සිහි විය.

මම තවත් අහස දෙස නොබැලිමි.





No comments:

Post a Comment