
Death is glamorous....accept it...
ජීවිත කාලෙම මං නිදියගත්තේ
බූරු ඇඳේ..
අන්තිම හුස්ම බිංදුව
පිටවෙන්න,
පැය 03 යි,විනාඩි 15,
තත්පර 30 ක්.....
I.C.U.
මෙට්ටයක් උඩ...
මං මළා.
! * ! *
දැන් මල් වත්තක:
උඩ රට- පහත රට - පිට රට
හැම මල් මා වට;
පැන්සොන් එක හදාගන්න,
යත්දී කන්තෝරු ගානේ,
බල්ලෙක්වත්
ගානට,
ගණන් නැග්ගේ නෑ මගේ,
දැන් ඔන්න වඳිනවා
රජවරු, ඇමති-සිටුවරු,
"a...man of great honour.....a man of great pride..."
"අභාවප්‍රාප්ත වූ මෙතුමාගෙන්..**..සමාජයට...**.බලවත්...සේවයක්...!! @...පාඩුවක්..
..දරාගත නොහැකි .....ශෝකයක්...** ඉතා සංවේගයෙන්...*** නිවන් සුව පතනවා...!!! "
උඩු වියන්, පාවඩ
හොරණෑ, හේවිසි...
Trumpets roar with triumph...
Oh! glamorous death....!!!!!!!
No comments:
Post a Comment