Monday, June 6, 2011

ඈ (01)

බොහෝ දුර  කාලෙකට පෙර,
මම ඇයට පෙම් කළා...
     ඇගේ ඇස්,
      තොල්,
        හම,
         වේලිලා...
          රැළි වැටිලා,
            ඉසකේ
             ඉදිලා...,
              වියැකිලා,
                         යන්නට කලින්,
                               ඈ
                             මළා.

ඒ  නිසා,
අද
තව වෙනකම්,
මගේ දෑසට

තරුණ යි.....

කැඩපත ඉදිරියේ
           මට පෙනෙන,
                      හම ඇදී,
                      වියලී
                     ඉසකේ
                      ඉදී,
                      වියැකී,
                      හකු මතුවුණු,
                       ...... මම.............???

 ඈ ..........

          එදා වගේම
          තරුණ,
          නො හිඳෙන
          හිරිමල්
          හිනා නගනවා..

No comments:

Post a Comment