ඉස්කෝලේ යන කාලේ අපි හැමෝටම ප්‍රියත ම විෂයන් තියෙනවා නේ. ඒ වගේ ම, ප්‍රිය කමේ අන්තය ට ම ගිහිල්ල (අ)ප්‍රිය වුනු විෂයනුත් තියෙනවා නේ.
මටත් එහෙම එකක් තිබුණා.
ඒ තමයි ගණිතය.
එක, දෙක, තුන වසරවල අගේට ගණන් හදපු මම, හය වසරට ආවේ, ගණිතය කියන වචනේ අකුරුත් වරද්දන තරමට ගණිතයට දුර්වල වෙලා.
ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ.
ඉස්සෙල්ලම ගණන්වලට, 80-90, තිබ්බ ලකුණු, 60 ගණන්වලට බැස්සා. ඊට පස්සේ 40 ගණන්. අන්තිමට 30 ගණන්.
උගන්වපු ගුරුවරුන්ට ත් අවුල්. අම්මටයි, තාත්තටයි ත් අවුල්, ඒ හැමෝට ම වඩා, මට අවුල්.
ගණන් පන්ති ගියා. පන්තියේදී අගේට හැදෙන ගණන, ඉස්කෝලෙදි හැදෙන්නේ නැහැ.
ගණන් කියන්නේ, පුළුවන් එවුන්ට සුපිරි සතුටක් වගේ ම බැරි එවුන්ට ඒකෙ සම්පුර්ණ අනිත් පැත්තත් ලබා දෙන විෂයක් නේ.
ඉතින් ගණන් බැරි මට ගණන් අප්පිරිය යි. ගණන් හදන කොටු රුල් පොත අතට ගත්ත ත්, මට මහා ඔක්කාරෙට එන ගතියක් දැනෙන්න පටන්ගන්නවා.ගණන් ටීචර් දකිත්දී ඇස් නිලංකාර වෙනවා.
ඉස්කෝලෙදි හදන ගණන්වලින් බේරෙන්නේ කොහොමද කියල තිස්සෙම හිතපු මම, ගණන් ටීචර් දෙන ගෙදර වඩා (home work) කළේ නෑ කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.
හත වසර වෙනකොට ගෙදර දී කරන් එන්න දෙන ගෙදර වැඩ එකක්වත් කරන් එන්නේ නැති ළමයෙක් කියන අවබෝධේ, මා කෙරෙහි මගේ ආදරණීය ගණන් ටීචර් තුළ ඇති වුණා. පන්තියට ආපු ගමන් මට පන්තියෙන් එලියට යන්න කියන තරමට ම සුපිරි මට්ටමේ අවබෝධයක්.
මාස දෙකක් විතර ඔයාකාරයෙන් ගෙවුණා කියල හිතමුකෝ.
මම කල්පනා කළා.
මේ වැඩේ හරියන්නේ නැහැ.
ගණන් ටීචර් ට පාඩමක් උගන්නන්න ම වෙනවා.
පහුවදා පාදරින් ම ඉස්කෝලේ ඇවිත්, ගණන් ටීචර් දීපු ගණන් ගෙදර වැඩ ටික, සිංහල ටීචර් දුන්නු "බලා ලිවීම"ක් වගේ පිටපත් කරගත්තා.
තුන්වෙනි කාල පරිච්ඡේදයේ තියෙන්නේ ගණිතය. මම ගෙදර වැඩ පොතත් අතින් අරන් සන්නද්ධව හිටියා.
ටීචර් ආවා. ඒ පන්තියට ඇතුල් වෙන්නත් කලින් ම, මට පන්තියෙන් එලියට යන්න කියාගෙන.
ඇත්තමයි. මම බලාපොරොත්තු වුනෙත් ඒ දේ. මට ඕන වුණේ, "අනේ මම නිවරද්දේ ළමයෙක්ට දඬුවම් කළා නේ.." කියන දීර්ඝ කාලීන පසුතැවීම ගණන් ටීචර් ට උරුම කරලා දෙන්නයි.
හැබැයි මගේ යාලුවන්ට නම් ඇත්තට ම කේන්ති ගියා.
දෙවෙනි තුන් වෙනි දවස්වලත් ඔය දේ ඔහොම ම වුණා. ගෙදර වැඩ පොත ත් අරන් මම හැමදාම එළියේ. මගේ යාලුවන්ට පුදුමයි.
ඔය සිදුවීම වුනු හය වෙනි දවසේ, නැත්නම් හත් වෙනි දවසේ, මම එළියේ හිටගෙන ඉන්නකොට, මෙන්න එනවා....
කවුද?????
අපේ ප්‍රින්සිපල් මැඩම් හෙවත්, විදුහල්පතිනිය හෙවත්, අපේ පන්තියේ අයවලුන්ගේ භාෂාවෙන් නම් "පිනී".
වෙනද ට දුරදි දැක්කම දුවන්න හිතෙන "පිනී" ව මට එදා පෙනුනේ, සුර ලෝකේ ඉඳන් මහා පොළොවට
වැඩපු දිව්‍යාංගනාවක් වගේ.
ළමයෙක් පන්තියෙන් එළියේ හිටන් ඉන්නවා දැකපු ගමන්, "පිනී" එයාගේ ලාලිත්‍යමය ගමන, ඩෝපිඩෝ එකක ගමන වගේ වේගය වැඩි කරලා ඇවිත්, ම ඉදිරියේ නතර වුණා.
ඊ ලඟට මොකද වෙන්නේ කියන කුතුහලයෙන් පිරුණු පන්තියේ සියල්ලෝම දෑස් දල්වන් බලන් ඉන්නවා. "මම කිව්වම නේ උඹට හැදෙන්න බැරි.....අද ලැබෙයි සබ්බුව...හොඳ වැඩේ..."වගේ හිනාවකුත් එක්ක ගණන් ටීචර්.
මගේ ලඟට ඇවිත් නැවතුනු "පිනී", කේශාන්තයේ සිට පාදාන්තය දක්වා විමර්ශනාත්මක බැල්මක් හෙලුවා.
"මොකද එළියේ???"
බලාපොරොත්තුවෙන් හිටපු ප්‍රශ්නය ආවා.
"ගෙදර වැඩ කරලා නැහැ මැඩම්..."
ටීචර් උත්තර දුන්නා.
"පිනී", මගේ ගණන් පොත අතට ගත්ත. පිටුවෙන් පිටුව පෙරළුවා.
මුතුවන් අකුරෙන් ඔය තියෙන්නේ ගෙදර වැඩ.!
ටිච්ර්ත් ළඟට ආවා.
සුමානයක විතර ගෙදර වැඩ, මේ ළමයා පිළිවලට කරලා.
ටීචර් ට කට උත්තර නැහැ.
"ගිහින් ඉඳගන්න.."
ප්‍රින්සිපල් මැඩම් අණ කළා.
"ටීචර් පොඩ්ඩක් ඔෆිස් එකට එන්න.." කියල කියන ගමන් ම.

ටීචර් පවු නේද ?
ReplyDeleteමමත් සාමාන්‍ය පෙලට ගනිතය ලීවාම ලොකූ F අකුරක් ලැබුණා නෙව . අන්තිමේදී හොඳට සන්නද්ද වෙලා නැවත වතාවක් දෙවනි පාරට ලියලා යන්තම් සී කට්ටක් දාගත්තා .
හණිතය නම් මටත් පට්ට අප්පිරියයි .
ඔයාට ඇත්තටම ගනන් බැ රි ද .. ? ගනන් කියන්නෙ ජීවිතේ නෙමෙයි කියල.., ඔයා විශ්වාස කරනවද ..?
ReplyDeleteඅම්මෝ ඔව්...ගණන් කියන්නේ ජීවිතේම වුනා නම්, මෙලහට මම පරලොව!!!!
ReplyDelete:)........ Ganan kiyanne jeewithya nownata eeka nathuwa th jeewath wenna hari amarui.......addekiimak ma nowei
ReplyDeleteඕලෙවල් කාලේ මගේ නම් ප්‍රියතම විෂය!
ReplyDeleteඑක එක අය දක්ෂ එක එක විෂයක් වලටනේ! :)
හප්පේ....මට නම් ගණන් (අ)ප්‍රියත ම විෂය.
ReplyDelete:) ගණිතය ගැන කියවද්දි මට මතක් උනේ මේ ලිපිය.
ReplyDeletehttp://www.nishuoc.blogspot.com/2011/10/blog-post_26.html
මට 10 වසරෙදි ගණන් වලට ලකුණු 23 තිබුනේ ටීචර්ට පාඩමක් උගන්නන්න මැරීගෙන ඉගෙනගත්තා සා/පෙ B එකක් අරන් උ/පෙ ගණිතය කරන්න තරමටම ගණිතය ප්‍රියජනක වුනා
ReplyDelete