Thursday, December 29, 2011

දන්නා අය කියා දෙන්න...

           

 ආදරේ ගැන දන්න අය ඉන්නවා නම්, මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. ප්‍රශ්න අහන්න හේතුව, පස්සේ කියන්නම්.

*  ආදරේ, මිත්‍රකම කියන දෙයින් සහ, අනුකම්පාවෙන් වෙන් කරලා අඳුනගන්නෙ කොහොමද? වෙන විදියකින් කියනවනම්, කෙනෙක් ගැන හැගීමක් පහල වෙත්දී, එක ආදරේමයි කියල දැනගන්නේ කොහොමද?


*තමන් කෙනෙක් එක්ක ආදර සම්බන්දයක් පටන්ගත්තයින් පස්සේ, තමාට වඩාත්ම ගැලපෙන කෙනා එයා නෙමෙයි කියල දැනුනොත් හරි, තමන්ට, ඊට වඩා, භාවමය අතින් සමීප කෙනෙක් මුණගැහුනොත් හරි මොකද කරන්නේ?

*දෙන්නෙක්ට ආදරේ කරන පිරිමියෙක් ගේ හිත වැඩ කරන්නේ කොයි විදිහට ද? දෙන්නෙක් ට ආදරේ කරන ගැහැණියෙක් ගේ හිත වැඩ කරන්නේ කොයි විදිහට ද?
තමන් ආදරේ කෙනා තවත් කෙනෙකුට ආදරේ කරනවා කියල දැනගෙන ඉන්න පෙම්වතෙකුගේ/ පෙම්වතියකගේ හිත වැඩ කරන්නේ කොයි විදිහට ද?

*තමන්ගේ කායික ආදරය හිමිවන, සමාජය ඉදිරියේ නිල වශයෙන් පිළිගත් පෙම්වතිය සිටියදී, තමන්ට, ඇඟිලි තුඩක පමනකවත් කායික ස්පර්ශයක් ලබා නොදෙන ගැහැනියක කෙරෙහෙ, පිරිමියෙකුගේ සිතක් ආදී යාම කොයිතරම් ප්‍රයෝගික ද?

මේ ප්‍රශ්නවලට, බොහොම ව්වෘත, ස්වාධීන පිළිතුරු සැපයීමෙන් මට උදව් කරන්න. අලුත් කතාවක් සපයල මම කෘත ගුණ දක්වන්නම්.

8 comments:

  1. 1)"මට හිතෙන හැටියට" ඒක අදාල කෙනාව ආස්‍රය කරපු කාලය තුල තමන් ඒ කෙනාව තේරුම්ගත් ප්‍රමාණය මත රඳා පවතිනවා.

    2)"මට හිතෙන හැටියට" නොඟැලපෙන කෙනෙක් එක්ක අකමැත්තෙන් ඉඳලා වැඩක් තියෙනවද?

    3)"තමන් ආදරේ කෙනා තවත් කෙනෙකුට ආදරේ කරනවා කියල දැනගෙන ඉන්න පෙම්වතෙකුගේ හිත වැඩ කරන්නේ කොයි විදිහට ද?" කියන එකට උත්තර දෙන්න පුළුවන්....
    සෑහෙන්න දුකක් සහ තරහක් මිශ්‍ර හැඟීමක් ඇති වෙනවා "ඇයි එයා මට ඒ වගේ දෙයක් කළේ, ඇයි මට බොරු කළේ" කියලා...

    4)"මට හිතෙන හැටියට" ඒක මනුෂ්‍ය සිතේ ස්වභාවය... ඒ කිව්වේ ඇති වීමක් නැති කම හා ලස්සන දේට හිත යන එක. මම කියන්නේ ඒක හොඳ දෙයක් කියල නෙමෙයි. තමා විසින් පාලයන කරගතයුතු හැඟීමක්.

    *මට හිතෙන විදිහ තව කෙනෙක්ට හිතෙන විදිහට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකියි :)

    ReplyDelete
  2. * හැබෑ ආදරේට ඒ සියල්ලම තියෙනවා... මග හැරගන්න එපා ...
    * ඔයා අහන්නෙ ආදරේ ගැන විතරමනම්, එයාගෙ ආදරේ ලබන්න ...
    * දෙවිදිහකට... එතකොට හිත හීලෑ නෑති වෙනවා ...
    * අතිශය ප්‍රායෝගිකයි...

    තමන්ගෙ හිත තමන්ට විශ්වාසනම්, නියම ආදරේ හිතට බරට දැනේවි .. බොහෝවිට යහලුවෙක් වගේ, සමහරවිට සහෝදරයෙක් වගේ ..

    -podi ekaa-

    ReplyDelete
  3. මේවත් මට හිතෙන දේවල් විතරයි. වෙන කෙනෙක්ගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. මේවා ද 'Only Child ' කෙනෙක්ගේ අදහස්
    1) විරුද්ධ ලිංගිකයන් අතර තදබල මිත්‍රකම අදරේකට පෙරලෙන්න සම්භාවිතාව ගොඩක් වැඩියි. කොටින්ම කිවොත් බොහෝදුරට ආදරයක් ඇති වෙන්නේ මිත්‍ර කමකින් පස්සේ. හැම වෙලේම එකට ඉද්දි, හැම දේම එකට කරද්දී එහෙම වෙන්න පුළුවන්. අනෙකාව සැම විටම මතක් වෙනවනම්, ගොඩක් 'miss' වෙනවනම්, සැම දුකකදිම, සතුටකදිම, බොහෝ වෙලාවට මනස නිරවුල්ව තබාගෙන ඉන්න හැම අවස්ථාවකදීම එයාව මතක් වෙනවනම්,(විශේෂයෙන් පන්සල්, පල්ලි වැනි ස්ථානවලදී), හැකි සෑම අවස්ටවකදිම එයාගේ ලඟින් ඉන්න හිතෙනවනම්, එයාට නොදැනෙන්න තමන් එය වෙනුවෙන් කැපවීම් කරනවානම් එක ආදරය වෙන්න පුළුවන්. අදරයේදී දෙන්න අතර ලොකු තේරුම් ගැනීමක් තියෙන්න ඕනේ. එත්, තේරුම් ගැනීම පමණක්ම නොවේ ආදරය කියන්නේ. කොටින්ම කිවොත් දෙන්නට දෙන්නා ගොඩක් තේරුම් ගත පලියට ඒක ආදරේ වෙන්නේ නෑ. එක යාළුකම පමණක් වෙන්න පුළුවන්.

    2) ඒක වෙන්න පුළුවන්. එයා ලගට ගියත් කමක් නෑ, ඒ උනාට, තමන් ළඟ දැනට ඉන්න කෙනාගේ හිත නොරිද, නොකඩ, යාම තම සුදුසු. ගහෙන් ගෙඩි එන්න වගේ මාරු කරන එක තමන්ටත් හොඳ නැති නිසා. මොකද අනිත් තැනැත්තා තමන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්. එත් ඒක කරන්නේ කොහොමද? මම ළඟ එකට තාම උත්තරයක් නෑ.

    3) තමන් ආදරේ කෙනා තවත් කෙනෙකුට ආදරේ කරනවා කියල දැනගෙන ඉන්න පෙම්වතෙකුගේ හිත වැඩ කරන්නේ කොයි විදිහට ද :
    පපුව පැලිලා යන්න දුකයි. ඒක තියෙනවා වෙන කෙනෙක් තමන්ගේ ජීවිතේට එනකන්. වෛරය, මෛත්‍රිය, මේ දෙකම සම සමව දෝලනය වෙනවා. වෙලාවකට එකක්, වෙලාවකට තව එකක්. ඊර්ෂ්‍යාව උපරිමයි. වෙලාවකට හිතෙනවා දල ගිය එක හොදි කියල. කොච්චර කොහොම කිවත් අන්තිමේදී හිතෙන්නේ මගේ කෙනාව තව කෙනෙක් දහගෙන ගියා කියන මහා දුක විතරයි.

    4)සැබෑ ආදරයට කායික සම්බන්දතාව වැදගත් නෑ. (මෙහෙමයි, මිනිස්සු කොට්ටාශ දෙකක් ඉන්නවා. කායික සම්බන්දතාව නිසා ආදරය කරන හා කායික නොවන හැගීම් මත පදනම්ව ආදරය කරන කට්ටිය කියල) ආදරය කියන හැංගීම හරිම ප්‍රබලයි. තමන්ගේ පෙම්වතිය අනිත් යට කොච්චර කතා උනත් තමාට දිව්‍යන්ගනාවක් වගේ පෙන්න පුළුවන්. කොල්ලෙක් වශයෙන් මම කියන්නේ කොන්ද කෙලින් තියාගෙන එන හැම කෙනාටම ආදරය කරන්න යන්නේ නැතුව තමන් මෙච්චර කල් එක දවසක් හරි ආදරය කරපු කෙනාට හරියට ආදරය කරන්න කියල. එයාට වෙනස් වෙන්න ඕනෙනම් වෙනස් වෙද්දෙන්. එහෙම උනත් අපිට සතුටු වෙන්න පුළුවන් අපි කරපු දේ හරියට කල කියල.

    ReplyDelete
  4. අයියෝ මම දන්නැතෝ...... මමත් එක්කෙනකුට ට්‍රයි කරනවෝ....

    ReplyDelete
  5. අප්පේ...........!!!!!!! එහෙම නොවේවා කියල ප්‍රර්ථනා කරනවා...! මොකද ඒ දුක මම හොඳින් ම අත්විඳින නිසා..මේකට comments එවපු සියල්ලන්ට පින්.... මේකෙන් ලියපු එක කතාවක් ඔයාල දැනටමත් දැක්කා..... ඒ කතාවේ, අනෙක් පාර්ශවයේ කොටසත් මේ blog එකේ කොහෙහරි තැනක පල වෙයි...

    ReplyDelete