Monday, January 23, 2012

I LOVE U........(හොර ලියුමක් (නො)වේ....හැමෝටමයි...)


මම ඔයාට ලියුම් ලියන්න අරන් දැන් අවුරුද්දක් විතර. එදා ජනමාධ්‍ය විද්යාලේදී මුල්වරට ඔයාව අඳුනගත්දී, හරියට ම කියනවනම් අපේ දේශක තුමා, එතුමා ගේ රාජකාරියේ කොටසක් ලෙසට  ඔයාව මට හඳුන්වා දෙත්දී, මගේ රාජකාරියේ කොටසක් ලෙසට මම ඔයාව සාදරයෙන් පිළිගත යුතුව තිබුනත්, මගේ අතින් එක ඒ විදිහටම ඉෂ්ඨ වුණේ නැහැ. මම එකට සමාව ඉල්ලනවා. එදා මට ඔයාව පෙනුණේ, කරන්න වෙන වැදගත් වැඩක් නැතිකමට, කාලේ ගෙවාගන්න මට බලෙන් ඇතිකරලා දීපු  ප්‍රේම සම්බන්දයක් වගේ.

මම ඔයාව පිළිකුල් කළ තරමක්! මම හැම මොහොතේම උත්සහ කළේ ඔයාගෙන් ගැලවිලා යන්න. අපි දෙන්නගේ සම්බන්දෙ ගැන කට්ටිය අහනකොට, මම එක එක දේවල් කිව්වා. හැබැයි, ඔයා, පුළුවන් උපරිම අවංක කමින්, මම ඔයාට එවපු ලියුම් පවා ප්‍රදර්ශනය කරමින් උන්නා.!@#$%^&*()_=|

මට ඔයාගේ අගේ තේරෙන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ මැදත් පහුකරලා, අගට කිට්ටු වෙත්දී.... අපේ පන්තියේ උන්නු "නූ" අක්ක, පිස්සුවෙන් වගේ එයාගේ ආදර කතාව ලස්සනට පවත්වාගෙන යත්දී, මටත් ඔයා ගැන පොඩි දයානුකම්පාවක් ඇති වුණා. ඒ ආදරේ කොයිතරම් මිහිරිද කියල තේරුම් ගියේ නම් සඳරු අයියා, එයාගේ ඒ ආදරේ එක්ක, ජීවිතේ හැමදෙ ම බෙදාහදාගන්න විදිය දැක්කමයි.

ඉතින් නතර වෙන තැනට ම ඇවිත් තිබුණු අපේ සම්බන්දෙ තර වුණා.

අපි දෙන්න දැන් අවුරුද්දක් විතර එකට හිටියා. මුලින් ම  ""අවකාශය" හෙවත් මගේ අපුද්ගලික පුද්ගලිකත්වයේ විවරණය." විදිහට හඳුන්වපු ඔයා, මට කොයිතරම් සමීප වුනාද කියනයනම්, කිරිකැටියෙක් දකින, පිරිසිදු හීනයක් තරමට ම ඔයා මට ලං වුනු නිසා, ඔයාගේ නම "බිලිඳු සිහින " බවට පත් වුණා.

අපේ සම්බන්දෙ දිහා බලල එක අගය කල ය වගේම, එකට උදවු කළ අයත් හිටියා. හැමෝටම නම් වශයෙන් ස්තුති කරන්න බැරි වුනත්, හිස් අහසේ සඳරු අයියව නම් අමතක කරන්නම බැහැ. අපේ සම්බන්දෙ ලස්සනට තියාගන්න නිතර ම අවවාද, උපදෙස් දෙන එයා,  අවවාදයෙන් වගේ  ම ආදර්ශයෙනුත් මග පෙන්වනවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම එයා, එයාගේ "හිස් අහසට" ආදරෙයි. 

අපේ මේ සම්බන්දෙ දැන් අපේ ගෙදරටත් ආරංචි වෙලා. අම්මත් දැන් ඔයා ගැන දන්නවා. තාත්තටත් කියල ඇති කියල මට හිතෙනවා.

අපි හැමදාම මෙහෙම ආදරෙන් ඉමු හොඳේ...

මේ ඔයාට ලියන පනස් වැනි ලියුම.

-පොඩි එකී-

ප.ළි:- දිරි කිරි දුන් හැමට ම, පොඩි එකී ගේ ප්‍රණාමය.!!!


7 comments:

  1. අදයි ඉස්සේල්ලාම මේ පැත්තට අවේ........ නියමයි.......! දිගටම තව තව දෙවල් ලියමු........ Onna Bookmark karo......

    http://www.akilasoft.blog.com

    ReplyDelete
  2. පොඩි එකී ගැන හුඟක් සතුටුයි... ඔහොම ඉඳල බෑ ... පොඩි එකී ., මල්වර වෙලා ලොකු ලමයෙක් වෙන්න ඕනා ... පරක්කු වෙලා හමුවුනත්, අද වගේම එදාටත් , අපි පොඩි එකීට ආදරෙයි ...

    - podi ekaa -

    ReplyDelete
  3. අපෝ...!!! (ලජ්ජාවෙන් රතු වුණා.....) දැන් ම බෑ...දැන් ම බෑ....

    ReplyDelete
    Replies
    1. අඩවිය දැක්කාම-බ්ලොග්
      ගැලුවා වචන-මහ ගොඩක්
      කිරීමයි අමාරු ටයිප්
      නොමැතිව ඉන්පුට් ටූල්ස්

      සුපසන් අදහස් ය
      මනරම් ගැලපුම් ය
      මුල්ලක සිනහව ය
      අස්සක කුතුහල ය . ,,,
      වැටහෙන්නෙ ,පස්සේ ය

      රුවන් ඕනෑ නැත..
      රිදී නැතුවාට කම් නැත,
      මැණික් පරදන-
      වචන මෙහි ඇත ..

      පොඩි කතා ගෙනෙයි මදහස
      අදහස් සේය සියපත
      පොඩි එකී ලියයි රස කර
      බැලුවා නොගිහින් මගහැර
      අමතක වෙනවා-හිතේ කරදර

      Delete
  4. කියවනකොට හිතුනේ වෙනස්ම විදිහක්. අන්තිමට තමයි තේරුම් ගත්තේ.

    බ්ලොග් ඒක ගැන කොච්චර නම් අපුරුවට කියල තියනවද. අමුතුම සංකල්පනාවක්

    ReplyDelete
  5. අඩවිය දැක්කාම-බ්ලොග්
    ගැලුවා වචන-මහ ගොඩක්
    කිරීමයි අමාරු ටයිප්
    නොමැතිව ඉන්පුට් ටූල්ස්

    සුපසන් අදහස් ය
    මනරම් ගැලපුම් ය
    මුල්ලක සිනහව ය
    අස්සක කුතුහල ය . ,,,
    වැටහෙන්නෙ ,පස්සේ ය

    රුවන් ඕනෑ නැත..
    රිදී නැතුවාට කම් නැත,
    මැණික් පරදන-
    වචන මෙහි ඇත ..

    පොඩි කතා ගෙනෙයි මදහස
    අදහස් සේය සියපත
    පොඩි එකී ලියයි රස කර
    බැලුවා නොගිහින් මගහැර
    අමතක වෙනවා-හිතේ කරදර

    ReplyDelete
  6. අඩවිය දැක්කාම-බ්ලොග්
    ගැලුවා වචන-මහ ගොඩක්
    කිරීමයි අමාරු ටයිප්
    නොමැතිව ඉන්පුට් ටූල්ස්

    සුපසන් අදහස් ය
    මනරම් ගැලපුම් ය
    මුල්ලක සිනහව ය
    අස්සක කුතුහල ය . ,,,
    වැටහෙන්නෙ ,පස්සේ ය

    රුවන් ඕනෑ නැත..
    රිදී නැතුවාට කම් නැත,
    මැණික් පරදන-
    වචන මෙහි ඇත ..

    පොඩි කතා ගෙනෙයි මදහස
    අදහස් සේය සියපත
    පොඩි එකී ලියයි රස කර
    බැලුවා නොගිහින් මගහැර
    අමතක වෙනවා-හිතේ කරදර

    ReplyDelete