Saturday, March 31, 2012

දෙතොල්



කරමින් ඇරයුම්,
මගේ දෙතොල් ලවා
ඔබේ නම කියවයි.
කොපි කෝප්පයේ ගැට්ට මත,
රතු මලක සලකුණක් තබමින්,
නුරාවට හිනැහෙයි.
ඔබ නික්ම ගිය පසු,
ඒ සලකුණ මත, තබා මම මා දෙතොල්,
විඳිමි ඔබව,
දෙනෙත් පියාගෙන.
සෙරමික් මතුපිට,
ඔබේ තොල්,
මගේ නෙත් පියන් යට ඔබේ තොල් ඇඳෙයි. සිනිදුවට සිත රැවටෙයි.
සෙරමික් දාරය, ඉදිරි දත් මත ගැටෙයි.

ඔබේ තොල්,
ඔච්චම් හිනාවෙන් විකසිත වෙනු,
සිත දකියි.

දෙනෙත් හැර බලමි.
 ඔබ නොමැත.
විලවුන් සුවඳ හා,
කෝප්ප ගැට්ට මත දැන් දැන් මැකී යන, රතු දෙතොල් සලකුණ පමණි.

1 comment:

  1. මේ වගේ ඒව තේරෙනව බොහොම අඩුයි... ඒ හින්ද මොකුත් කියන්න බෑ නිර්මාණය ගැන :)

    ReplyDelete