Wednesday, March 7, 2012

මිනී මැරුමක් (5)

පළමු කොටස් සඳහා මිනී මැරුමක් (1) 
මිනී මැරුමක් (2)
මිනී මැරුමක් (3)
මිනී මැරුමක් (4)
"....ඔහු නිවසේ සිටින ඉතා සුළු වේලාවන්වලදී, පෙර මෙන් නිහඬව සිටිනු වෙනුවට, මා ඔහු වටා දැවටෙමින්, මගේ සැලැස්ම ක්‍රියාවට නංවන්න වුණා.

"මේ බලන්න...." මා ඔහුට කිවේ, ගබඩා කාමරයේ තිබේ සොයාගත් පැරණි පුවත් පත පෙන්වමින්. "ණය බරින් මිරිකුණු මිනිසෙක්, වෙඩි තබාගෙන සියදිවි නසාගෙන." එහි සිරස්තලය මා ඔහුට ඇහෙන්නට කියවූවා. මළ මිනිසා සියදිවි නසාගන තියෙන්නේ, ඔහුගේ වෙළඳ ව්‍යාපාරයෙන් පිට පිට ම පාඩු ලැබීම නිසා, ගත් ණය ගෙවා ගැනීමට ක්‍රමයක් නැතිකමින්.

"ඔවුන් එය දැනගෙන ඇත්තේ කෙසේද?" ඔහු විමසුවේ එතරම් ම වුවමනාවකින් නොවෙයි.
"ඔහු මිය යන්නට පෙර, භාර්යාව සහ දරුවන් අමතමින් ලිපියක් ලියා තිබෙනවා." මම පිළිතුරු දුන්නා.
"අපරාදේ....ඔහු ඒ ලියමන ලියමින් කාලය ගත කළේ..යමෙක්  මිය යාමට තීරණය කල පසු එයට හේතු දක්වමින් සිටීමේ පලක් නැහැ..." ඔහු කිවේ සිනාසෙමින්.
"එසේ නැහැ...සියදිවි නසා ගන්නෙක්, තමන්ගේ මරණයට හේතුව සටහන් කර තැබීම, ජිවත් වන්නන් හට කරන යහපත. ඔහුගේ මරණය පිලිබඳ, යමෙකු තුල, තවත් අයෙකු ගැන සක පහල වීම එයින් මග හැරෙනවා..." මම කිව්වා.
"ඔබ මේ කාරණය පිළිබඳව පැය ගණනක් සිතා වගෙයි..." ඔහු හාස්‍යය මුසු ස්වරයකින් පැවසුවා. 'කෙසේ වෙතත්, ජිවත් වීම මිස, සිය දිවි නසාගැනීම කිසිදු පැනයකට පිළිතුරක් ලෙස මා දකින්නේ නැහැ. ඔහු නිදහස් වෙනවා. නමුත් ප්‍රශ්නය එතනමයි.ඔබේ ඔය සියදිවි නසාගැනීම් පිලිබඳ කතාබහ අපි පසුවට කල් තියමු. මා දැන් යා යුතුයි.."

"එහෙත් යමෙකුට දැනෙනවා නම් ඔහු ජිවත් වීමෙන් සිදුවන්නේ, යම් ප්‍රශ්නයක් උග්‍ර වීම පමණයි කියා, අඩුම තරමේ තමන්ගේ මරණයෙන් බොහෝ දෙනෙකුට සැනසීම ලඟා වෙනවානම්..' මම කිව්වේ ඔහුගේ දෑස් දෙස එක එල්ලයේ බලමින්. "හොඳම ක්‍රමය සිය දිවි නසා ගැනීමයි.."

එතැන් සිට සෑම දිනකම පාහේ මා ඔහුට, ජීවිතය අතහරින ලද මිනිසුන් පිළිබඳව ඇසෙන්නට සැලැස්සුවා. උදෑසන පුවත් පත, ඔහුගේ පාතරාසය රැගත් මේසය මත තැබීමට ප්‍රථම, එහි ඇතුලත්, සිය පන හානි කරගැනීම පිළිබඳ වාර්තා, මුලින් ම ඇසට හසුවන සේ පුවත් පත නැවීමට මා වගබලා ගත්තා.

එක් දිනක්, "දැන් අපේ රටේ මිනිස්සු හරියට සියදිවි නසා ගන්නවා නොවේද?" ඔහු ඇසුවා. "තමන්ට ම ජීවිතය එපා කියල හිතෙනවා නම්, ජිවත් වෙලා පලක්  නැහැ.." මට කියවුනා.
මගේ ඇතුළු හදින් ම  කියුවක් බව වටහා ගත නිසා හෝ, මගේ කටහඬේ වූ සෝබර බව නිසා ඔහු තිගැස්සුනා. ඔබේ අරමුණත් එයම ද? යන ප්‍රශ්නාර්ථයෙන් මොහොතක් බලා සිටි  ඔහු, "අද හවස මම කලින් එන්නම්...හැන්දෑව අපි පිටත ගත කරමු.." යනුවෙන් පවසා නික්ම ගියා.

එතැන් සිට ඔහු වෙනස් වුණා.
වෙළඳ ව්‍යාපාරයේත්, සූදු පොළෙත් ගත කරන කාලය අඩු කල ඔහු, මා වෙත වෙනදා නොදැක්වූ අවධානයක් යොමු කරන්නට වුණා.

මගේ සිත නැවතත් කඹ ඇදිල්ලක. මා කුමක්ද කළ යුත්තේ? අවසානයේ මා තීරණය කළා අවංක වන්න. මගේ සිතේ ඔහු මරා දැමීමට ඇතිවුණු පවිටු චේතනාව මකා දමා, අවංක ගැහැනියක ලෙස ඔහුගෙන් සමුගෙන යන්න. අවමානය? ඔව්..මා එය ලැබීමට සුදුසුයි.

ඉතින් ඒ තීරණාත්මක රාත්‍රියේ, මෙතෙක් කල්  මමත්, ඔහුගේ මිතුරාත්, මගේ සේවිකාවත් පමණක් දැනසිටි, අප කළ මහා පාවා දීම හෙළිදරව් කරන්නට ඔහු අබියසට පැමිණුනා.

3 comments:

  1. කොටස් 5 ම කියෙව්ව අද.... රසවත් කියවන්න හිතෙන විදියකට ලියල තියෙනවා... ඉතිරියත් බලමු...

    ReplyDelete
  2. මේ කතාව මාර ලස්සනයි මග ඇරුණු කොටස් එක්ක කියෙව්වා පරිවර්තනයක් වගේ ගති

    ReplyDelete
  3. අද තමයි මමත් මේ කතාව දැක්කේ .. කොටස් පහම කියවන්න ට්‍රයි එකක් දුන්නා . බොහොම වේගෙන් කොටස් කීපයම බලාගෙනත් ගියා ..

    කතාව හොඳයි ඊගාව කොටසේදිත් එකතුවෙන්නම්

    ReplyDelete