Saturday, February 11, 2012

ක්ලෝන (1)

"ක්ලෝනීකරණය"- පසුගිය සියවසේ විවාදාත්මක ම මාතෘකා කිහිපයෙන් එකක්. ක්ලෝනයක් කියන්නේ, යම් කිසි ජීවියෙකුගේ, (ශාකයක හෝ සත්ත්වයෙකුගේ) ජානමය පිටපතකට.

අනෙකුත් බොහොමයක් විද්‍යාත්මක සංකල්ප වගේම, ක්ලෝන - එහෙමත් නැත්නම්, ජීව පිටපත් පිලිබඳ සංකල්පය, මුලින් ම සාමාන්‍ය ජනතාව අතරට ගියේ, හොලිවුඩ් සිනමාව හරහා. ඒ 1925 දී තිරගත වුණු, "The Lost World" චිත්‍රපටයෙන්. "ජුරාසික් පාක් (Jurassic Park)" චිත්‍රපටයෙත් ක්ලෝනකරණය පිළිබඳව සඳහන් වෙනවා. මේ චිත්‍රපට දෙකේදීම පෙන්නන්නේ, ඩයිනෝසර ක්ලෝන පිළිබඳවයි. මිනිස් පිටපත්, එහෙමත් නැත්නම්, මානව ක්ලොනික්රණය පිළිබඳව කතා කළ, මුල් ම චිත්‍රපට  අතරින් එකක් විදිහට "The Boys from Brazil" (1978) හඳුන්වා දෙන්න පුළුවන්.

ක්ලෝන පිලිබඳ, සාමාන්‍ය ජනතාව කතා කරන්න පටන්ගත්තේ චිත්‍රපට හරහා වුණත්, විද්‍යාත්මක ලෝකය මේ පිළිබඳව හිතන්න පටන්ගත්තේ, 1800 අග භාගයේ ඉඳන්. ක්ලෝන පිළිබඳව පර්යේෂණ මුලින් ම කළේ, හාන්ස් fv%hsia (Hans Dreisch). ඔහුගේ පර්යේෂණවල අරමුණ වුණේ, යම් කිසි ජීවි විශේෂයකට අයත් මුලික ජාන සැකැස්ම, ffi, විභේදනයේදී වෙනස් නොවී, එලෙසින් ම පවතින බව පෙන්වාදීම.

1951, නොවැම්බර් මාසයේදී, ෆිල්ඩේෆියාවේ, රෝබෙර්ට් බ්‍රිග්ස් (Robert Brigs)නම් විද්‍යාඥයා, ගෙඹි ක්ලෝනයක් නිපදවන්න සමත් වුණා.

1977 දී, ජෙර්මන් විද්‍යාවේදීන් පිරිසක්,එතෙක් ක්ලෝන පර්යේෂණ සඳහා භාවිත කල නො හැකි තරමට ම කුඩා යයි සැලකුණු, මීයන්ගේ ffi,, ක්ලෝනීකරණය සඳහා යොදාගතහැකි බව ඔප්පු කර පෙන්වූවා.

ක්ෂීරපායින් ක්ලොනකරණයට ලක් කිරීම පටන්ගත්තේ, 1986 දී. ඇමෙරිකාවේ සහ එංගලන්තයේ, පර්යේෂක කණ්ඩායම් දෙකක්, මේ පර්යේෂණ සිදු කරා. ස්ටීන් විලාඩ්සන් (Steen Wiladsen) සහ ඔහුගේ කණ්ඩායම, එංගලන්තයේ සිට, බැටළුවෙකු යොදාගෙන ඔවුන්ගේ පර්යේෂණ මෙහෙයවත්දී, ඇමෙරිකාවේ, නීල් ෆස්ට් (Neal First) ප්‍රමුඛ පිරිස, එළදෙනකු යොදාගනිමින් ඔවුන්ගේ පර්යේෂණ සිදු කළා.

කෙසේ වුවත්, වැඩුණු සතුන්, ක්ලොනකරණය සඳහා යොදාගැනීම සාර්ථක විය නො හැකි බව, බහුතරයකගේ මතය වුණා.

ස්කොට්ලන්තයේ රොසලින් ආයතනයේ, ඉයන් විල්මට් (Ian Wilmet) 1968 දී, එක්තරා විශේෂ සංකල්පයක් ගොඩනගා තිබුණා. ඒ යම් විශේෂිත රසායන ද්‍රව්‍යයක් අඩංගු කිරි නිෂ්පාදනය කල හැකි, සත්වයකු නිපදවීම සඳහා, ක්ලොනිකරන ක්‍රමවේදය යොදාගත හැකි බවයි. 1987 වසරේදී, ලිඛිත සටහන් තැබීම ඇරඹුණු මේ සංකල්පය, 1990 දී, පර්යේෂණයක් ලෙසට ක්‍රියාවට නැගුණා.

එහි ප්‍රතිඵලයක් ලෙසට, මුළු ලොවම මවිත කරමින්, 1996, ජුලි මාසේ 05 වැනිදා, ක්ලොනකරණයේ ඇති සාර්ථක ම පර්යේෂණ ප්‍රතිපලය වූ, "ඩොලී" නම් බැටළු දෙන මෙලොවට බිහි වුණා. ඒ අසාර්ථක පර්යේෂණ 276 ක් අවසානයේ.

"ඩොලී" ගේ ක්ලෝන පිටපත සඳහා මුලිකව ම යොදාගැනුණේ , බැටළුවන් ගේ ස්ථන ග්‍රන්ථි ආශ්‍රිත ffi, යි.
 "ඩොලී"ව නිල වශයෙන්, ජාන පර්යේෂණයකට ලක් කළේ, 1997 වර්ෂයේදි යි.

1997 ඔක්තෝම්බර් මාසයේ 03 වැනිදා, මුසික කුලයේ ඇති සාර්ථක පළමු ක්ලෝනය වු, "කුමුලිනා (Cumulina)" නම් මුසික ධේනුව මෙලොව එළිය දුටුවා.මීයන්ගේ ප්‍රජනක ffi, ආශ්‍රයෙන් මේ පර්යේෂණය සිදුකළේ, හොනලුලු තාක්ෂණික ආයතනය යි.

1998 අවුරුද්දේ ජුලි මාසේ වෙනකොට, "කුමුලිනා"ගේ ජීව පිටපත් 50 ක් බිහි කරලා අවසානයි. ඒ කියන්නේ, "කුමුලිනා" ලා 50 ක්!

 (මතු සම්බන්දයි..)

3 comments:

  1. අද තමා පලවෙනි වතාවට මේ බ්ලොගයට ආවේ...ලිපිය හොදට ලියලා තියෙනවා..ස්තූතියි කරුනු වලට.පුලුවන් නම් බ්ලොගයේ අකුරු වල ප්‍රමානය තව අඩුකරන්න..ඒක කියවන්න පහසුවක් වේවි..මට මේ සම්බන්දව තියෙන ලොකුම ප්‍රශ්නය ඔය ක්ලොනීකරනයෙන් එන පිටපත් භෞතිකව සර්වසමද කියන එක(ශරීරයේ අනුවක් පාසා)...එහෙම වෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙවි පුද්ගල අනන්යතාවයට...

    ReplyDelete
  2. http://www1.kalaya.org/2011/04/blog-post_7712.html

    ReplyDelete