Thursday, February 2, 2012

අහස....



 අහස ඔබ කොයිතරම් දම් පාට වුනත් අද-
හෙට උදේ ඉර එළිය අරන් එනවා නොවේද?
o පඳුර මත ඉදී දම් පාට වුණු පොකුරු, 
ඔබට දුන්නා නොවේද,
ඔබේ ඔය දම් පාට?

ඉර එළිය අරන් එන,
හෙට උදේ පාන්දර -
හැර දමා දම් පැහැය,
අඳිනු මැන සුදු සේල..


අඳුරු වැහි බීරමට,
බිය වැදී ගුලිවෙච්ච-
බටිත්තන් උණුහුමට,
කිති කවා හිනැහෙන්න,
   ගෙවුණු දවසක හවස,
   කල එළිය පතුරන්න,
   හෙන්දිරික්කා මලට,
   සළු මුදා හිනැහෙන්න...

ඉර එන්න - ඔබ එන්න,
හෙට උදේ පාන්දර.

         රන් හිනා මල පිපෙන, - නිල් වලා වියන යට,
        තෙත් බරිත වැහි හැදෑ වරුව හරි අගේ ඇත...
         සුදු වලා තණ පලස, ඉර අව්ව බබලන්න,
         ඉඳල හිටලා අහස, අඳුරු සළු පොරවන්න...

1 comment:

  1. නිල් වලා වියන යට මල් පිපුනත් නැතත්
    බිය වෙලා ගුලි වෙච්ච බටිති පැටියෙකි නුඹත්
    නෙක සිහින ඇහැරන්න සඳු ඇවිත් මේ රැයෙත්
    සඳු යාවි හිරු ඒවි නොවරදවාම හෙට උදෙත්

    - podi ekaa-

    ReplyDelete