Saturday, February 11, 2012

ක්ලෝන (2)

("ඩොලී" - ක්ලෝනිකරණයේ සාර්ථක ම ප්‍රතිපලය)
"ක්ලෝනීකරණය" පර්යේෂණාගාර තුළ සාර්ථකව අත්හදාබැලේත්දී, ක්‍රිස්තියානි සභාව ප්‍රමුඛ, මැවුම්වාදය අදහන රටවල්, විශේෂයෙන් ම, ආගමික නායකයින් කැළඹේන්න පටන්ගත්තා. මිනිසුන් තවදුරටත් දෙවියන් කෙරෙහි විශ්වාසය නොතැබීමට පටන්ගැනීම නිසා, සමාජයීය ප්‍රශ්න බොහොමයක් පැන නගීවි යයි ඔවුන් පැවසුවා. එහෙත්, ක්ලොනිකරණයේ සුබවාදී පැතිකඩ දෙස බලාසිටි පිරිස පැවසුවේ, විද්‍යාවේ දියුණුවත් සමග, මිනිසුන් මිත්‍යාවන්ගෙන් බැහැරවීමත් සමග, තමන්ට ආගම මුවාවෙන් ලබාගත හැකි වාසි, ප්‍රයෝජන අහිමි වීම පිලිබඳ බියට පත් කණ්ඩායම් විසින්, මේ චෝදනාව එල්ල කරන බවයි.

බුදු දහමට අනුව, ජීවියෙකු ගේ බිහිවීම විස්තර කරන නියාම ධර්ම පහක් තිබෙනවා. ක්ලොනිකරණයෙන් බිහිවන සත්වයෙකුගේ උපත, මේ නියාම ධර්ම පහෙන්, කුමන නියාම ධර්මය යටතට වැටෙනවාද යන්න තීරණය කිරීමට, මහා නායක, අනු නායක හිමිවරු තර්ක කළා. නොයෙක් ආකාරයේ සංවාද, මතවාද, ඉදිරිපත් වුණා.

"ක්ලෝනීකරණය" කියන මාතෘකාව, ශ්‍රී ලංකාවේ කතාබහට ලක්වෙන්න පටන්ගත්තේ, "ඩොලී"ගේ උපතට පසුවයි. විද්‍යාවට ම වෙන්වුණු "විදුසර" පුවත්පත විතරක් නෙමෙයි, දිනපතා පත්තරවලත්, ක්ලෝනීකරණය පිළිබඳව ලිපි පළවෙන්න පටන්ගත්තා. (ඒ එක ලිපියක සිරස්තලය මට මතකයි "ෆොටෝ කොපි ? නෑ..නෑ - මිනිස් කොපි". පත්තරේ නම නම් මතක නැහැ.)

ක්ලෝනිකරණයේ හොඳ- නරක ගැන සංවාදශීලි ලිපි පෙළක්, "සිළුමිණ" පත්තරේ පළ වෙන්න පටන් ගත්තා. ඉතාමත් හැර බර සහ වටිනා කියන විදිහට ආරම්භවුණු ඒකට, ක්ලෝනීකරණය ගැන  විතරක් නෙමෙයි, විද්‍යාව ගැනත් මෙලෝ හසරක් නොදන්නා පුද්ගලයෝ ලිපි ලියන්න පටන් ගත්තු නිසා, වෙනත් කොහේටදෝ , එල්ලයක් නැති දිහාවකට ඒ ලිපි පෙළ ඇදිල ගිහින්, අතීරණාත්මක තැනකින් නැවතුනා.

 "ක්ලෝනීකරණය" ගැන කතා කරත්දී, අපේ රටේ විතරක් ම නෙමෙයි, මුළු ලෝකයේ ම හිටපු, මේ මාතෘකාව ගැන උනන්දුවක් දක්වන පුද්ගලයන් ට පොදුවේ පැන නැගුණු ගැටළු කිහිපයක් තිබුණා.
(1). ක්ලෝනිකරණයෙන් බිහිවෙන ජීවින් දෙදෙනෙක් 100% ක් ම, සර්ව සම ලක්ෂණ පෙන්නුම් කරනවද?    බාහිර ජීවි ලක්ෂණ වගේ ම, හැසිරීමේ, ඒ කියන්නේ, මානසිකවත් සමානතා දරනවද?
(2). ක්ලෝනයකට ජීවයක් ඇතුළු වෙන්නේ කොහොමද? බුදු දහමේ කියවෙන විදිහට, අන්තරභාවයේ සැරිසරමින් ඉන්න ගන්ධබ්බයෙක්, තමන්ගේ කර්ම ශක්තියට අනුව, ක්ලෝන පිටපතට ඇතුළු වෙනව ද? ( මේ ප්‍රශ්නේ වැඩිපුර ම ඇහුනේ, ආසියාවෙන්)
(3). "ක්ලෝනීකරණය" කොයිතරම් දුරට සදාචාරාත්මක ද?
(4). එයින් සත්ව හිංසනය සිදු වෙනවාද?
(5). "ක්ලෝනීකරණය" මගින් බිහිවන සත්වයන් ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය, මිනිස් සිරුරට අහිතකර ලෙසට බලපායි ද?

පළවෙනි ප්‍රශ්නෙට නම්, යම්තාක් දුරකට නිශ්චිත උත්තරයක් තිබුණා. ක්ලෝනිකරණයෙන් බිහිවෙන පිටපතක සහ, ක්ලෝනය අතර යම් තාක් දුරකට සමානකම් දකින්න පුළුවන්. ක්ලොනිකරණයට ලක් කළ, විශේෂිත කොටස නම් සර්ව සමයි.
මානසික සමානතා ගැන දැනගන්න නම්, ක්ලෝනයක සහ පිටපතක හැසිරීම් අධ්‍යනය කරන්න ම වෙනවා. එක ඉතින් වඩාත් ම හොඳින් කරන්න පුළුවන් වෙන්නේ, ජීව මිනිස් පිටපත් බිහිවෙන්න පටන්ගත්තු කාලෙක.

දෙවෙනි ප්‍රශ්නෙට මම දන්න තරමින්, දෙන්න නිශ්චිත උත්තරයක් නැහැ. (එක එක අය දරන ආගමික මතවාදයට ගැලපෙන උත්තරයක් නිර්මාණය කරගන්න පුළුවන්. එකෙන් කාටවත් හානියක් නැහැ.)

"ක්ලෝනීකරණය" කියන්නේ, යම් තාක් දුරකට යතාර්ථයක් බවට පත්කරගන්න පුළුවන් වුණු, පසුගිය සියවසේ අතිශයින් ම පුදුම සහගත සහ, නිර්මාණශීලි සංකල්පයක්. නිවැරදිව භාවිත කරන තාක් කල්, සදාචාරාත්මකයි.

සමහරවිට. කිසිදු ක්ලෝනීකරණ පර්යේෂණයක් එකවරම සාර්ථක වුනේ නැහැ. සාර්ථක පිටපත් අගය කිරීමට ලක්වුණා. නමුත් අසාර්ථක පිටපත්? අසාර්ථක පර්යේෂණ ප්‍රතිපල ලෙසට බිහි  වුණු ජීවින් ගේ ඉරණම කුමක්ද? සමහරවිට ඔවුන්, පරිසරයට අනුගත විය නොහැකි වීම නිසා, පර්යේෂණාගාර තුල ම අවසන් ගමන් යන්න ඇති. ඒ වගේ ම, සාර්ථක පිටපත්වලට වුවත්, සොබාදහමට අනුගත වීමේදී ප්‍රශ්න ඇති වෙන්න ඇති. ඒ ඇතිවුණු ප්‍රශ්න සහ, ඔවුන් ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය, සමහරවිට තවත් පර්යේෂණවල ට සංකල්ප නිර්මාණය කර දෙන්න ඇති.

සමහරවිට ඔව්. එහෙත් දැන්ම ම ඒ ගැන බිය විය යුතු නැහැ. පරිභෝජනයට ගන්න තරම් සතුන් ක්ලෝනීකරණය මගින් බිහිවීමට තවත් බොහෝ කල් ගත වේවි.

(මතු සම්බන්දයි..)

8 comments:

  1. දෙවෙනි ප්‍රශ්නෙට මම දන්න තරමින්, දෙන්න නිශ්චිත උත්තරයක් නැහැ. (එක එක අය දරන ආගමික මතවාදයට ගැලපෙන උත්තරයක් නිර්මාණය කරගන්න පුළුවන්. එකෙන් කාටවත් හානියක් නැහැ.)

    අනේ මට ඒක මාර ප්‍රස්නයක්...ටික කාලෙක ඉඳල

    ReplyDelete
  2. විද්‍යාව මෝරා එන්නට එන්නට දේව වාදයේ පදනම් විරහිත භාවය හෙළි වේ .

    ReplyDelete
  3. the island ෆිල්ම් එක මතක් වුනා හරවත් මාතෘකාවක් සංවාදාත්මක කරුණු ඉදිරි ලිපිවලදී බලාපොරොත්තු වෙනවා.....

    ReplyDelete
  4. විද්‍යාත්මක දේවල් ආගම් වලින් පහදන්න යාම ඒ ඒ ආගම් වල පැවැත්මට බලපාන්න පුළුවන්! :D

    ReplyDelete
  5. හොද ලිපියක්,,,,, ඔයා දන්නවද ක්ලෝනීකරන මගින් නිපදපු මිනිස්සුන්ව හිර කරගෙන තියාගෙන ඉන්න ෆිල්ම් එකක් තියෙනවා.. පුලුවන්නම් කියන්න පුලුවන්ද ටී වී එකේ ගිහිල්ලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට ඒක තමයි the island කියන්නේ

      Delete
    2. මැක්සා මචා, මම ඕක දැනගෙනත් සිද්දිය මතක නෑනේ, මම හිතුවේ ට්‍රිලර් ෆිල්ම් එකක් කියලා.

      Delete
  6. බොහොම ස්තුතියි!!!!!!!!! තවත් දන්නා කරුණු තියෙනවනම් බෙදා හදාගන්න පුළුවන්.........

    ReplyDelete