Saturday, February 4, 2012

දැවීම



සොඳුර,
නුඹ මා නිවන්නේ,
නුඹ දැවෙමිනි.
ම හැරපියා,
වෙන සමුණානන් කෙනෙකු කරා ගොස්,
සුවෙන් වසව.
                                                                --------------------------------

හිමියනි,
දාසියට ඔබ සෙවන යහපති.
මා දැවෙනබව සැබෑමුත්,
ඒ දැවෙන්නේ,
සඳුන් දර සෑයකයි.
                                                                       
                                                                                                                                             

5 comments:

  1. සඳුන් වුවත් , දැවෙන්නේ නම් ලැබෙන්නේ වේදනාව යි ..

    - podi ekkaaa-

    ReplyDelete
  2. Replies
    1. තෙල සඳුන් දර සෑය,
      සුවඳ විහිදුවමින් දැවේ.

      සමුණ,
      දැවෙන මා දෙස බලමින්,
      ඔබ ද දැවේ..
      අවසන,
      සියලු දෑ
      දා,
      භෂ්ම පමණක් ම ඉතිරිව යනු ඇත.
      දවන්නා, හා දැවෙන්නා,
      දෙදෙනා ම දුහුවිලි අංශු මතක් පමණක් ව.
      නමුදු තවත් ටික වෙලාවක්,
      සඳුන් සුවඳ රැඳෙනු ඈත.

      Delete
    2. සුවඳ, මතකයක් පමනක්ම වනු ඇත...
      මතකයද ... සුවඳ ක් ය ...
      -podi ekaa-

      Delete